රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල දෙසැම්බර් 9 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි නියෝග කර තිබේ.
සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ සමදරී පියසේන අධිකරණයට දන්වා සිටියේ, මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳව නීතිපතිවරයා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ඒ අනුව, නඩුව වෙනත් දිනයක යළි කැඳවන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඒ අනුව, අදාළ පැමිණිල්ල දෙසැම්බර් 9 වැනිදා යළි කැඳවීමට නියෝග කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා, එදිනට නීතිපතිවරයාගේ උපදෙස් අධිකරණයට වාර්තා කරන ලෙස ද වැඩිදුරටත් නියම කළේය.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පෙනීසිටියේය.