යාපනයටත් මෙට්‍රෝ බස් .

රජයේ මෙට්‍රෝ නාගරික සුඛෝපභෝගී බස් රථ සේවාව යාපනය දිස්ත්‍රික්කය දක්වා ව්‍යාප්ත කිරීමට රජයේ අවධානය යොමුව ඇත . ඒ අනුව ඊට අවශ්‍ය මූලික සැලසුම් මේ වන විට ආරම්භ කර ඇතිබව වාර්තා වේ .

එහි එක් පියවරක් ලෙස යාපනය නගරයේ මෙට්‍රෝ බස් රථ ධාවනය කළ හැකි මාර්ග හඳුනා ගැනීම සහ ඊට අවශ්‍ය පහසුකම් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා විශේෂ මාර්ග පරීක්ෂාවක් හා පෙරහුරු ධාවනයක් ඊයේ (10) සිදුකර ඇත .

මෙහිදී පහත් පතුල් සහිත බස් රථ ධාවනයට ගැළපෙන මාර්ග, බස් රථවල තාක්ෂණික අවශ්‍යතා මෙන්ම නව බස් නැවතුම්පොළ ඉදිකිරීමට සුදුසු ස්ථාන පිළිබඳව ද අවධානය යොමුකර ඇත. එම බස් නැවතුම්පොළ ආසන්නයේ පෞද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් සැලසීම ද සැලසුම් අතරට ඇතුළත්ය .

යාපනයේ මෙට්‍රෝ බස් සේවාව 2027 වසරේ මැද භාගය වන විට ආරම්භ කිරීමටටත්, ඒ සඬ්ෆ්හහා බස් රථ 10 ක් යොදාගැණීමටත් නියමිත බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේය .

එම සේවාව මේ වන විට කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක ආවරණය කරන අතර, එහි මීළඟ ව්‍යාප්ති අදියර සඳහා යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක තෝරාගෙන ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසීය .