සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ . මෙම පෙත්සම ගොනුකර ඇත්තේ වෛද්‍යවරයෙකු වන බී.ඒ. රත්නපාල විසිනි .
එම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් හෝ බන්ධනාගාර ඇඳුමින් සැරසීමෙන් මෙන්ම මාංචු දමා මාධ්‍යයට හෝ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා ඇත .
එමෙන්ම බන්ධනාගාර රීතිවල 156(2) රීතියෙන් අවසර දී ඇති සීමාව ඉක්මවා උන්වහන්සේගේ ඡායාරූප ගැනීම, වීඩියෝගත කිරීම සහ ඒවා සංසරණය කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම වළක්වන නියෝගයක් ද නිකුත් කරන ලෙස එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.