ඊජිප්තුවේ, කයිරෝ ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු මියගොස් තවත් 125 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඊජිප්තු ජාතික දුම්රිය සේවය (ENR) පවසනුයේ ගීසා සිට ෆයූම් දක්වා ගමන් කළ අංක 134 දරන ‘තහ්යා මිස්ර්’ (Tahya Misr) සේවාවට අයත් දුම්රියක් කයිරෝ සිට අස්වාන් දක්වා ගමන් කළ අංක 2010 දරන දුම්රියේ පසුපස කොටසේ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි.
මෙම අනතුර සිදුවීමත් සමඟ දුම්රිය කිහිපයක් පීලිපැන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කලා.
මෙම අනතුරෙන් පසුව ඊජිප්තු සෞඛ්‍ය හා ජනගහන අමාත්‍ය ඛාලෙඩ් අබ්දෙල්-ගෆාර් පවසනුයේ අනතුරින් තුවාල ලැබූවන්ට අවශ්‍ය වෛද්‍ය අධාර ඇතුළු පහසුකම් ලබාදීම පිළිබඳව අඛන්ඩව සොයා බලමිනා බවත්, ගිලන් රථ 75 ක් පමණ අනතුරටපත්වූවන් ප්‍රවාහනයට යොදවා ඇති බවයි .
රෝහල්වල ප්‍රතිකාර ලබන තුවාල ලැබූ මගීන්ගේ සුවදුක් විමසා බැලීමට සහ ඔවුන්ට ලැබෙන වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ සොයා බැලීමට තම නියෝජ්‍ය අමාත්‍ය අම්ර් කන්දිල් (Amr Kandil) පත් කර ඇතිබවද ඔහු පවසයි .
ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසි (Abdel-Fattah El-Sisi) පැවසුවේ තමන් මෙම දුම්රිය අනතුරෙන් මියගිය අයගේ පවුල්වලට ශෝකය පළ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පතනා බවයි.