සරම්ප රෝගය බන්ධනාගාර තුනක පැතිරේ .

සරම්ප රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය යන බන්ධනාගාරවල රැඳවියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත .

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර පාලනාධිකාරිය විසින් අදාළ අධිකරණ වෙත ලිඛිතව දැනුම් දීමක් සිදුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න පවසයි . ඒ අනුව, අද (09) දිනයේදී එම බන්ධනාගාරවලින් කිසිදු රැඳවියෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වේ.

කොළඹ රිමාන්ඩ්, මැගසින් සහ වැලිකඩ යන බන්ධනාගාරවල රැඳවියන් අතරින් සරම්ප රෝගීන් කිහිපදෙනෙකු පසුගිය දිනවල වාර්තා වී ඇති අතර, එම රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.