මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 12 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කර කළේය ..
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ අද (30) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ .
ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 12 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය .
රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර දෙහිවල සහ රත්මලාන ප්රදේශවල පිහිටි ඉඩම් කොටස් පහක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙ,