මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ අක්රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත .
ඒ අනුව, එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත ලබාගනිමින් ඒවා විශ්ලේෂණය කිරීමේ විශේෂ මෙහෙයුමක් අද දිනයේ සිදුවිය .
වලාන මධ්යම දූෂණ ප්රහාරක බලකායේ නිලධාරීන් ඇතුළු විමර්ශකයින් කණ්ඩායමක් මෙම මෙහෙයුමට එක්ව සිටින බව වාර්තා වෙයි .
කොළඹ විශ්වවිද්යාලයේ පරිගණක පීඨයේ විශේෂඥයින්, ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ (CERT) නිලධාරීන්, ගව්ටෙක් ශ්රී ලංකා සහ ටෙලිකොම් ආයතනයේ විශේෂඥයින් ද ඊට සහභාගී වී සිටියි .