පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ වාන් දොරටු ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා මහවැලි අධිකාරිය විසින් පූර්ව දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.
අද දින (26) මධ්යහන 12.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, ඉදිරියට ලැබෙන වර්ෂාපතනයත් සමඟ ජලාශයට ලැබෙන ජල ධාරිතාව සීග්රයෙන් ඉහළ යා හැකි බැවින්, කොත්මලේ ඔය ආශ්රිතව – නුගවෙල, රිවර්සයිඩ් සහ මාවතුර ප්රදේශ පහත ප්රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස අවධාරණය කරයි .
එමෙන්ම මහවැලි ගඟ ආශ්රිතව -උලපනේ ප්රදේශයේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙළිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල දක්වා ප්රදේශයන්ගේ ජනතාවටද ගඟේ ජල මට්ටම ගැන අවධානයෙන් පසුවන ලෙස දන්වනු ලබයි .
ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ප්රථම යළිත් වරක් දැනුම්දීමක් කිරීමට නියමිත නමුත්, මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්රදේශවලට ලැබෙන වර්ෂාව හේතුවෙන් ජලාශයෙන් ජලය මුදා හැරීමකින් තොරව වුවද ගඟේ ජල මට්ටම ඉහළ ගොස් පහත් බිම් යටවීමේ අවදානමක් පවතින බව එම නිවේදනයේ දැක්වෙයි .
එබැවින්, ගඟ අවට පහත් බිම්වල වාසය කරන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතුබව එම නිවේදනයෙ සඳහන් වෙයි .