ශෂී ගේ අභියාචනය සලකා බැලීම නොවැම්බර් 18 වනදා .

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වී වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනය අද කැඳවනු ලැබීය .

එහිදී එම නඩුකරය සලකා බැලීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුකරය කැඳවනු ලැබීය.