ලිට්‍රෝ ගෑස් හිඟය ඉවරයි . සිලින්ඩර් 350,000ක් වෙළෙඳපොළට

පවතින ගෑස් හිඟය නිමකරමින් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 350,000ක් වෙළෙඳපොළට මුදාහැරීමට නියමිත බව එම සමාගම නිවේදනය කරයි . තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900 ක් රැගත් CORINTHIAN නෞකාව ඊයේ (22) දින මෙරටට ළඟා වූ බවද එම නිවේදනයේ සඳහන් වෙයි .

එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේම ආරම්භ කර ඇති බැවින් ගෑස් සිලින්ඩර 350,000 ක ප්‍රමාණය වෙළඳපොළට නිකුත් කිරීමට හැකියාව ඇති බවද එම සමාගම සඳහන් කළේය.

සමාගම සඳහන් කර ඇත්තේ මෙම ගෑස් තොගය ලැබීමත් සමග දිවයින පුරා ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන බැවින් සුපුරුදු පරිදි ගෑස් සිලින්ඩර ලබා ගැනීමේ පහසුකම පාරිභෝගිකයින්ට පවතින බවය.