එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා පිල විශිෂ්ඨ ජයක් ලබයි .

පාකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේදී ඊයේ පැවති ජාත්‍යන්තර එක් දින තරගයේදී එංගලන්ත පිල පරාජයට පත්කරමින් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය .

පාකිස්ථාන, ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය යටතේ පැවති මෙම තරගයෙදී එක් පන්දුවක් ඉතිරිව තිබියදි කඩුළු දෙකකින් එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය .

ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත පිල කඩුළු 4 ක් දැවී ලකුණු 429 ලබා ශ්‍රී ලංකවට අසීරු අභියෝගයක් එල්ල කරනා ලදි . එහිදී එංගලන්ත නායක හැරී බෲක් පන්දු 116 කට පමනක් මුහුණ දී ලකුණු 202 ලබා ගනිමින් විශිෂ්ඨ පිති හරඹයක් දක්වන ලදි .

එංගලන්ත පිල සිය ඕවර 50 තුළ කඩුළු 4 ක් දැවී ලකුණු 429 ක් ලබා ගත්තේය . එහිදී ජෝ රූට් 69, විල් ජැක්ස් 66 , ටොම් බැණ්ටන් 50 ලබා දස්කම් දැක්වීය. පන්දු යවීමේදී දුනිත් වෙල්ලාලගේ 56/2 , අසිත ප්‍රනාන්දු 68/1, ජනිත් ලියනගේ 32/1 ලෙස කඩුළු ලබාගන්න ලදි .

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රි ලංකා පිල ඕවර 49.5 කදී කඩුළු 8 දැවී ලකුණු 430 ලබා තරගයේ ජය තහවුරු කරගන්නා ලදි. පන්දුවට පහර දීමේදී පවන් රත්නායක පන්දු 106 කදී ලකුණු 130 ක්ද, දසුන් ශානක පන්දු 50 කදී ලකුණු 97 ක්ද, අවිශ්ක ප්‍රනාන්දු පන්දු 80 කින් ලකුණු 97 ක්ද ලබා ගන්න ලදි . ඊට අමතරව ජනිත් ලියනගේ නොදැවී ලකුණු 61 ලබා ගත්තේය .

පන්දු යවීමේදී එංගලන්ත පිලේ ජෝෂ් ටන්ග් 79/3 , සහ සෑම් කරන් 103/ 2 ලබා දස්කම් දැක්වීය.