බන්ධනාගාර ගත කර සිටින ඥානසාර භික්ෂුවගේ සිවුර ඉවත් කළ අවස්ථාව ජංගම දුරකථනයකින් වීඩියෝ කර එය රජයේ ඉහළ පෙළේ ක්‍රියාකාරිකයකුට පෙන්වූ බවට ඥානසාර භික්ෂුව තමන්ට පැවසූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ජනමාධ්‍ය හමුවේ සිදුකළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් සිදු කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
එය කිසිසේත් සුළුකොට සැලකිය යුතු අනාවරණයක් නොවන බව පැවසූ අමාත්‍යවරයා, ඔහු එය විස්තර කර ජනමාධ්‍ය හමුවේ පවසා ඇති බවත්, එවැන්නක් ඇසූ අයකුට එම වීඩියෝව දුටුවේ ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයාම ද යන්න පවා සිතීමට හැකි බවත් පැවසුවේය.
එබැවින් මේ සම්බන්ධයෙන් බන්ධනාගාරය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිසිය පරීක්ෂණයක් සිදුකර ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමක් සිදුකරනු ඇතැයි ද අමාත්‍යවරයා එහිදී පැවසීය.