2018 වසරේදී, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් වාර්තාවක් නිකුත් කරමින්, ගෝලීය උණුසුම ඉහළ යාම මගින් මිහිමත ජීවයේ පැවැත්මට සිදුවිය හැකි හානිය පෙන්වා දෙනු ලැබීය.
ඒ අනුව උෂ්ණත්වය ඉහළ යාම ඉදිරි වසර 12 ක කාලය තුළ උපරිම වශයෙන් සෙල්සියස් අංශක 1.5 කට සීමා කරගත යුතුබව අවධාරණය කරනා ලදි . ඊට අමතරව අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන පීඩනය (heat stress) නිසා 2030 වන විට රැකියා මිලියන 72 ක් අහිමි වනු ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) පුරෝකථනය කරයි. මේ සියළු කරුණු සළකා බලනාකළ උෂ්ණත්ත්වය ඉහළ යාම පෘථිවිය මත ජීවයේ පැවැත්මට ඇති ලොකුම තර්ජනය ලෙස සඳහන් කළ හැක .
මේ අර්බුදය මෙතරම් වේගයෙන් සමාජ ගතවීමට හේතුව දේශගුණික විපර්යාස පිළිබඳ පක්ෂග්රාහී සහ වැරදි තොරතුරු (disinformation) හේතුවෙන් දශක ගණනාවක් පුරා ක්‍රියාමාර්ග නොගැනීමය . ඒ හේතුවෙන් අප අර්බුදකාරී තත්වයකට මුහුණ දී ඇති අතර, එය පෘථිවියේ ජීවයේ පැවැත්මටම තර්ජනයක් වී තිබේ.
ඒ අතරම, දේශපාලන අධිෂ්ඨානය පවතින්නේ නම් පුළුල් ක්‍රියාමාර්ග සහ වෙනස්කම් සිදු කළ හැකි බව COVID-19 වසංගතය මගින් පෙන්නුම් කර දී ඇත. ප්රචාරක ව්‍යාපාර සහ ව්‍යාජ පුවත් සඳහා හිතකර පසුබිමක් නිර්මාණය වී, ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා මහජනයා අතර වැරදි තොරතුරු පුළුල් ලෙස පැතිර යාමට ඉඩ ඇති බව ද එයින් තහවුරු විය. පවතින තත්වයන්ගෙන් වාසි ලබා ගැනීමට උත්සාහ කරන දක්ෂිණාංශික, ඒකාධිපති සහ ජාතිකවාදී ආණ්ඩු හේතුවෙන් ලොව පුරා ප්රජාතන්ත්රවාදය වඩාත් දුර්වල තත්වයකට පත්ව තිබේ.
මෙම සන්දර්භය තුළ, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) විසින් දේශගුණික අර්බුදයට මුහුණ දීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග සකස් කිරීමට කැප වූ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා ඇත. එම කණ්ඩායම ප්‍රධාන කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කරයි. පළමුව, IFJ හි පාරිසරික පියසටහන (ecological footprint) අඩු කිරීම සඳහා අභ්‍යන්තර ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමයි. දෙවැන්න, දේශගුණික අර්බුදය පිළිබඳ මාධ්‍ය ආවරණය සහ වෘත්තීය සමිතිවල ප්‍රතිචාරය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමයි.
දේශගුණික විපර්යාසය යනු අපේ කාලයේ අප මුහුණ දෙන වඩාත්ම දැඩි හා හදිසි ගැටලුවයි. මාධ්‍යවේදීන් ලෙස, දේශගුණික විපර්යාසය පිළිබඳ කරුණු සහ එහි බලපෑම් වාර්තා කිරීම සම්බන්ධයෙන් අපට විශේෂ වගකීමක් තිබේ. වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ලෙස, කාබන් විමෝචනය ශුන්‍ය කිරීම අරමුණු කරගත් ආර්ථිකයක් වෙත සිදුවන පරිවර්තනයෙන් බලපෑමට ලක්වන සියලුම කම්කරුවන් සඳහා සාධාරණ සංක්‍රාන්තියක් (Just Transition) අපි ඉල්ලා සිටිමු.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් ලබා දී ඇති අර්ථ දැක්වීමට අනුව, සාධාරණ සංක්‍රාන්තියක් (Just Transition) යනු, ඒ සම්බන්ධ සියලු දෙනාට හැකි තරම් සාධාරණ සහ සියලු දෙනා ඇතුළත් වන ආකාරයෙන් ආර්ථිකය හරිත ආර්ථිකයක් බවට පත් කිරීමයි. එමඟින් යහපත් රැකියා අවස්ථා නිර්මාණය කිරීමත්, කිසිවෙකුත් අතහැර නොදැමීමත් අරමුණු කරයි.
“සාධාරණ සංක්‍රාන්තියක්” (Just Transition) යනු දේශගුණික ක්‍රියාමාර්ග හරහා ලැබිය හැකි සමාජීය හා ආර්ථික අවස්ථා උපරිම කර ගැනීමත්, ඒ සමඟ ඇති විය හැකි අභියෝග අවම කරමින් ඒවා සැලකිලිමත්ව හා කාර්යක්ෂමව කළමනාකරණය කිරීමත් ය. ඒ සඳහා එම ක්‍රියාමාර්ගවලින් බලපෑමට ලක්වන සියලුම කණ්ඩායම් අතර ඵලදායී සමාජ සංවාදයක් ඇති කිරීමත්, මූලික කම්කරු මූලධර්ම හා අයිතිවාසිකම්වලට ගරු කිරීමත් ඇතුළත් වේ.
IFJ ක්‍රියාකාරී කණ්ඩායම.
Oyet Patrick Charles (UJSS – දකුණු සුඩානය)
සමිරා ද කැස්ත්‍රෝ (ෆෙනාජ් – බ්‍රසීලය)
Denise SAYE Mbama (SNPP – RDC)
චාල්ස් සේල් (MV – Vanuatu)
Ilias Palialexis (JUADN – ග්‍රීසිය)
රේඛා නිලුක්ෂි හේරත් (SLWJA, ශ්‍රී ලංකාව)
Adriana Hurtado (FECOLPER, කොලොම්බියාව)
Abdellahi Cheikh (AJM-Mauritanie)