සීමා ලිහිල් කළ පසු ඩොලර් බිලියන 3 ක් වාහන ශ්‍රී ලංකාවට ගෙනල්ලා.

වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 3.8කට අධික වටිනාකමකින් යුත් වාහන 800,000කට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය .

2024 සහ 2025 වර්ෂවලදී ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක ණයවර ලිපි විවෘත කර ඇති අතර, 2026 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.69ක ණයවර ලිපි විවෘත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව, මේ වන විට මෙම වසර තුළ මෝටර් රථ 79,000 කට වඩා මෙරටට ගෙනවිත් ඇත . ඊට අමතරව වාණිජ කටයුතු සඳහා භාවිත කෙරෙන වාහන 12,000ක්, බස් සහ වෑන් රථ 3,148ක්, මෝටර් රථ 317,000ක් සහ ත්‍රිරෝද රථ 40,000ක් ආනයනය කර ඇත.

වැඩිවන වාහන ආනයන හේතුවෙන් මෙරට විදේශ සංචිත අඩුවී ඇති බවට විපක්ෂය නගන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, වාහන ආනයනය සඳහා දැරූ වියදම් නොතකා රජය දැනට ඇමරිකානු ඩොලර් බිලියන 6.9ක පමණ විදේශ සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යන බවයි.