පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් අද (08) දිනයේ පැවැත්වීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .
ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින්, අධිකරණ තීන්දුවක් ප්‍රකාරව බන්ධනාගාර ගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කිරීමට අදාළව මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
ඒ අනුව අදාළ සාකච්ඡාව අද පස්වරු 1ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්ඳවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඊයේ (07) ලිඛිත දැනුම්දීමක් සිදුකරනු ලැබීය.
භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදිභාවය අහෝසි කිරීම හුදෙක් රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට සීමා වූ කරුණක් නොවන අතර එය මහි සංඝ රත්නයට අයත් වන ශාසනික කාර්යයක් බව ත්‍රෛනිකායික මහානාහිමිවරු පෙන්වා දෙති.