බැසිල්ගේ බ්‍රවුන්ස් හිල් නිවසට නැවතත් තහනමක් .

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව පැවසෙන මාතර, බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර භාගයකට ආසන්න ඉඩම සහ එහි ඇති දේපොළ සම්බන්ධයෙන් මීට පෙර පනවා තිබූ අත්හිටුවීමේ හා තහනම් කිරීමේ නියෝග නැවත සක්‍රිය කර ක්‍රියාත්මක කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ඉදිරිපත් කරමින් කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මෙම නියෝගය නිකුත් කළේය.

එමෙන්ම, එකී ඉඩම සහ දේපොළ සම්බන්ධයෙන් නීත්‍යනුකූල හෝ සද්භාවීය හිමිකම් කියනා වෙනත් යම් පාර්ශ්වයක් වේ නම්, ඊයේ (06) දින සිට දින 14ක් ඇතුළත ඒ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.