විදේශිකයින් සඳහා ජපානයේ ස්ථිර පදිංචි බලපත්‍ර ලබාගැනීමේ ගාස්තුව 20 ගුණයකින් ඉහළ දැමීමට එරට රජය පියවර ගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . මෙම නව ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වන බව එම මාධ්‍ය සඳහන් කරයි .
ජපානය තුළ ඉහළ යමින් පවතින විදේශීය ජනගහනය කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් රජය හඳුන්වා දී ඇති නව ආගමන ප්‍රතිපත්ති යටතේ මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි .
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,විදේශිකයින් සඳහා වන ස්ථිර පදිංචි බලපත්‍ර ගාස්තුව යෙන් 10,000 සිට යෙන් 200,000 දක්වා ඉහළ නංවා තිබෙන බවයි. එමෙන්ම ජපානයේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන විදේශිකයින්ට ජපන් භාෂා දැනුම ඇතුළු තවත් අත්‍යවශ්‍ය සුදුසුකම් රැසක් සපුරාලීමට සිදුවන බව වාර්ත වෙයි .