ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි (FZ1073) වාණිජ ගුවන් යානයකින් හදිසි අනතුරු ඇඟවීමේ සංඥා දෙකක් නිකුත් වීමට හේතුව එම යානයේ ගුවන් නියමුවන් දෙදෙනා අතර ඇතිවූ ගැටුමකින් එහි ප්‍රධාන නියමුවා මරණීය තුවාල ලැබීම බව වාර්තා වේ . සහයක නියමුවා තියුණු ආයුධයකින් ඔහුට පහර දීම හේතුවෙන් මෙම තුවාල සිදුව ඇත .
මෙලෙස නිකුත් වූ අනතුරු ඇඟවීම් දෙකෙන් එකක් ගුවන් යානයක් පැහැර ගැනීමට ලක්වන අවස්ථාවක නිකුත් කරනා එකක් බැවින්, එක් නියමුවෙක් යානය පැහැර ගැනීමට උත්සහ ගත්තේද යන්න ගැන තවමත් ප්‍රකාශයක් කිරීමට නොහැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි .
ඊශ්‍රායල බලධාරීන් තහවුරු කර ඇත්තේ ගුවන් යානයේ ප්‍රධාන නියමුවා රුසියානුවෙක් බවත්, සහයක නියමුවා යුක්රේන ජාතිකයෙක් බවත් ඇතැම් මාධ්‍ය පලකර ඇති වාර්තා සාවධ්‍ය බවයි . සැබැවින්ම ප්‍රධන අනියමුවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියෙකු බවත්, සහායක නියමුවා ඕමාන් ජාතිකයෙකු බවත්ය.
ඕමාන් ජාතික සහායක නියමුවා විසින් එමීර් රාජ්‍යයේ ප්‍රධාන නියමුවාට පිහි ඇනුමක් සිදු කර ගුවන් යානයේ පාලනය තම භාරයට ගැනීමට උත්සාහ කර ඇති බව එම බලධාරීහු වැඩිදුරටත් පැවසූහ.
ඒ අනුව මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් වීමේ හැකියාවද තවමත් බැහැර කළ නොහැකි බව ඔවුහු සඳහන් කරති.
Flight Radar දත්ත වලට අනුව, ගුවන් යානය ගුවන් ගත වී පැය දෙකහමාරකට පමණ පසුව මෙම සිදුවීම සිදුව ඇත.
අනතුරුව යානය සෞදි අරාබියේ තබුක් හි පිහිටි සිවිල් සහ හමුදා ගුවන් තොටුපළ වෙත ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.