මධ්‍යම අපරාධ විමර්ශණ අංශයෙන් විමල්ට කැඳවීමක් .

අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ඇතිබව වාර්තා වේ .

ඒ අනුව හෙට (සිකුරාදා) පෙරවරු 10.00ට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටිනා ලෙස ඔහුට දැනුම් දී ඇත .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජනහමුවකදී විමල් වීරවංශ මහතා අධිකරණයට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදුකළ බව සඳහන් කරමින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ලැබී ඇති පැමිණිල්ලකට අනුව මෙම කැඳවීම කර ඇත .