රුපියල් ලක්ෂ 66 ක් වන්දියක් ගෙවන්නට හිටපු ඇමති ෆවුසිට අධිකරණය නියෝග කරයි .

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකට අදාලව රුපියල් මිලියන 6.6ක වන්දියක් ගෙවන ලෙසත්, පුවත්පත්වල ප්‍රසිද්ධ සමාව ඉල්ලා දැන්වීම් පලකරනා ලෙසත් හිටපු ඇමති ඒ.එච්.එම් ෆවුසිට ධිකරණය නියෝග කරයි .

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජය විසින් ලබා දී තිබූ වාහනයක් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම හේතුවෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 6.6ක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස අධිකරණය නියෝග කළ අතර, ඉන් රුපියල් 1,664,334.93ක මුදලක් මාසයක් ඇතුළත ද, ඉතිරි මුදල මාස දෙකක් ඇතුළත ද ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.

මීට අමතරව, අදාළ වාහනයේ ඡායාරූපයක්ද සමඟින්, සිළුමිණ, සන්ඩේ ඔබ්සර්ව සහ තිනකරන් පුවත්පත්වල මුල් පිටුවල අඩක ප්‍රමාණයේ සමාව අයැදීමේ දැන්වීමක් මාසයක් තුළ පළ කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දු ලබා දී තිබේ.

ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි.