දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සැප්තැම්බර් 16 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (14) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත . ඒ අනුව එම නඩුව වෙනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 16 වනදාට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය
විමර්ශන නිලධාරීන් ඉදිරිපත් විමර්ෂන ගොනු සලකා බැලූ අතිරේක සොලිසිට ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පවතින නඩුවේ මෙන්ම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින නඩුවේද සැකකරුවෙකු ලෙස නාමල් රාජපක්ෂ නම් කිරීමට උපදෙස් ලබා දී ඇත.
එයාර් බස් ගණුදෙනුවට අදාවල නාමල් රාජපක්ෂ මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී .