නිරූපන ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය සැකසහිතයි .

ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලාපද්මේන්ද්‍ර කුමාරපතිරණගේ මරණය සැක සහිත බව ඇගේ මව විසින් පිලියන්දල පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයක් නිමවීමෙන් පසු ඇය සිය හිත්වත් ව්‍යාපාරිකයෙකු සමඟ ඊයේ (31) අලුයම පිලියන්දල ගංගාරාම පාරේ පිහිටි නිවසට පැමිණ ඇත. එම නිවස ප්‍රකට ව්‍යාපාරිකයෙක් සතුබවත් ඇය මියගොස් ඇත්තේ එම නිවසේදී බවත් පොලිසිය පවසයි .

ඇය මුනින් අතට නිදා සිටින අවස්ථාවේදී ව්‍යාපාරිකයා ඇයව අවදි කිරීමට උත්සාහ දරා ඇති අතර එයට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඔහු තවදුරටත් පරීක්ෂා කිරීමේදී කොට්ටිය මත ලේ තිබෙන අයුරු දැක 1990 සුව සැරිය ගිලන් රථ සේවයට අමතා තිබේ.

පසුව ඔවුන් පැමිණ සිදුකළ පරීක්ෂාවේ දී ඇය මියගොස් ඇතැයි අනාවරණය වී ඇති අතර, අනතුරුව ව්‍යාපාරිකයා විසින් මේ පිළිබඳව පිළියන්දල පොලීසිය වෙත දැනුම්දී ඇත.