පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අනතුරකට මුහුන දී ඇති බව වාර්තා වේ. ඒ අනුව එහි දියනාමින් සිටි කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.
මෙලෙස අතුරදන්ව ඇති කාන්තාව 35 වැනි වියේ පසුවන්නියක් බවත්, අතුරු දහන්වූ දැරියන් දෙදෙනා පිළිවෙලින් අවුරුදු 04 සහ 12 වන වියේ පසුවූ බවත් වාර්තා වේ. ඊට අමතරව 13 වැනි වියේ පසුවු පිරිමි ළමයෙකුද අතුරුදහන් වූ පිරිසට අයත් බව වාර්තා වේ.
මෙම පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.