සීගිරිය අභයභූමියේ පුද්ගලික ඉඩමක වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසරයක් නොගෙන වගා ළිඳක් කැපීම සහ ගස් කැපීමේ චෝදනාව මත ප්‍රවීණ චිත්‍රපට නළු ගාමිණී ෆොන්සේකාගේ පුත් දමිත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු සීගිරිය වනජීවී නිලධාරීන් විසින් අද (29) සැකපිට අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ .
සීගිරිය වනජීවී නිලධාරීන් ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට ඇති බවත්, වගා ළිඳ කැපීම සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක්, ලොරි රථයක්, කපන ලද ගස්වල දැව කඳන් මෙන්ම ට්‍රැක්ටර් රථයක් ද ඔවුන් භාරයට ගෙන ඇති බව සීගිරිය වනජීවී කාර්යාලය පවසයි .
අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට ඇප මත මත නිදහස් කර ඇත . ඔවුන් ලබන 31 වැනිදා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.