”හරක් කටා” ගැන අධිකරණය දුන් තීන්දුව නීතිපති අභියෝගයට ලක් කරයි

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘හරක් කටා’ සහ තවත් විත්තිකරුවන් කිහිපදෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති චෝදනා තව දුරටටහ් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට මෑතකදී ලබා දුන් අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නේය .

ඒ එම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේය. අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ මීට පෙර ලබාදුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනයක් ගොනුකර ඇති බවයි.

‘හරක් කටා’ ඇතුළු අනෙකුත් විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති චෝදනා පවත්වාගෙන යාමේ හැකියාව සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව මෙම අභියාචනය මගින් අභියෝගයට ලක්කර ඇත.