මහනායක හිමිවරුන්ට කන්දීම ආණ්ඩුවට ලැජ්ජාවක් නොවේ . සජිත්.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ප්‍රශ්ණයේදී ආණ්ඩුව විසින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ උපදෙස් සහ අනුශාසනා වලට ගරු කරමින් එම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නැවත සිතා බැලිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි . අද පැවති ජන හමුවක් අමතමින් අදහස් දැක්වූ ඔහු පැවසූවේ

ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව, ජනතා පරමාධිපත්‍යය, ජනතා ස්වෛරීත්වය යන කරුණු කාරණා සම්බන්ධයෙන් මහ නායකහිමිවරු ප්‍රකශ කරන ලද කරුණු කාරණා සැලකිල්ලට ගැනීම වඩාත් යෝග්‍ය බවය . තවද මහනායක හිමිවරුන්ගේ උපදෙස් සහ අනුශාසනාවලට අවධානය යොමුකිරීමට තරම් ආණ්ඩුව නිහතමානී වියයුතු බවද විපක්ෂ නායකවරයා පැවසීය .

“ මහ නාහිමිවරු කරුණු කාරණා ඉදිරිපත් කරණකොට නිහතමානී වෙලා, උද්දච්ච වෙන්නෙ නැතිව ඒ අදහස් පිළිගන්න ඕන . මහානායක මාහිමිපාණන් වහන්සේලා ඉදිරියේ දණ නමස්කාරපූරකව ඒ ගෞරව කරනවා සේම, වන්දනීය පූජනීය මහා සංඝරත්නය ඒ දේශනා කරන යෝජනාවලට නිසි ගරුත්වය ලබා දීලා කටයුතු කිරීම ඕනෑම ආණ්ඩුවක වගකීම වෙන්න ඕන .

මහ නායක හිමිවරුන්ට මාධ්‍යට පේන්න විතරක් ගෞරව කිරීම සුදුසු නෑ . උන්වහන්සේලාගේ අවවාද වලට කන් දීම අගෞරවයක් නොවේ . මොකද මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා දේශනා යෝජනා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොයලා බලලා . මේ ප්‍රශ්ණයෙදී අඩියක් පස්සට ගැනීම ආන්ඩුවට ලැජ්ජාවක් නොවේ.” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය .