චීන සමාගම වෙනුවට නව ආයෝජකයෙක් සොයනවා – වරාය අධිකාරිය කියයි .

චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස් ආයතනය කොළඹ වරායේ නවීන සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත් වුවද එම කටයුතු අත්හැර දමන්නේ නැති බව බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසනුයෙ චීන සමාගම ඉවත් වුවද තරගකාරි ලංසු ක්‍රියාවලියක් හරහා රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් යටතේ නව සැපයුම් මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බවය.

නව ව්‍යාපෘතිය සඳහා කොළඹ වරාය තුළ සැලකිය යුතු භූමි ප්‍රමාණයක් භාවිත කිරීමට නියමිත අතර, වරාය ආශ්‍රිත සහ අගය එකතු කළ සැපයුම් සේවා රැසකට සහාය වන ඒකාබද්ධ පහසුකමක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ වරාය බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පමණක් නොව, පුළුල් සමුද්‍රීය හා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම තම අරමුන බවත්, වරායේ දිගුකාලීන වාණිජ සහ උපායමාර්ගික අරමුණු සමඟ වඩාත් ගැළපෙන විකල්ප සංවර්ධන ක්‍රමයක් වෙත යොමවීමට අපේක්ෂා කරනා බවත් එම නිවේදනයේ දැක්වෙයි .