කොළඹ වරායේ ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථාන (SACLH) ව්යාපෘතිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට එහි කොටස්කරුවන් තීරණය කර ඇති බව චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම පවසයි .
එම සමාගම නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 392 ක ආයෝජනයක් වන මෙම දැවැන්ත ව්යාපෘතිය අත්හැර දමනා බවයි . ඒ අනුව ශ්රී ලංකා වරාය අධිකාරිය, අවසන් කිරීමේ ගිවිසුම අත්සන් කළ දින සිට දින 30ක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 21.9 ක වන්දි මුදලක් ආයෝජකයන්ට එකවර ගෙවිය යුතු බවනිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි .
ව්යාපෘතිය කෙරෙහි බලපෑ බාහිර සාධක, ව්යාපෘති කාලරාමුවේ සිදුවූ වෙනස්කම් ඇතුළු කරුණු සලකාබැලූ විට ව්යාපෘතිය නවතාදැමීම සියලු පාර්ශ්වවලට සුබදායක වනු ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.
මෙම ව්යාපෘතියේ 70% ක කොටස් අදාළ චීන සමාගම සතුවූ අතර ඉතිරි කොටස් 15% බැගින් දේශීය සමාගමක්වන ඇක්සස් ඉංජිනියරින්ග් හා ශ්රී ලංකා වරාය අධිකාරිය හිමිව තිබුණි. ඒ අනුව ඩොලර් මිලියන 21.9 ක වන්දි මුදලක් එම සමාගම සහ වරාය අධිකාරිය චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස් ආයතනයට ගෙවිය යුතු වෙයි .