22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව න්යායපත්රයට ඇතුළත් කිරීමට නියමිත බව වාර්තා වෙයි .
මෙම සංශෝධනය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාද දීර්ඝ කිරීමට නියමිතව ඇත .
අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදයන් අවම කරලීම සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම මෙම යෝජිත සංශෝධනයේ අරමුණ බව රජය පවසයි . එහෙත් ඊට විරෝධය දක්වන පාර්ශව පවසනුයේ නඩු ප්‍රමාදයන් ආවම කිරීම සඳහා වඩාත් වැදගත් වන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නොව අධිකරණ පද්ධතියේ සහයක ආයත ශක්තිමත් කිරීම බවයි . ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතන වල කාර්ය මණ්ඩළ සහ වෙනත් අදාල පහසුකම් වැඩිකිරීම මගින් නඩු කඩිනම් කළ හැකි බව ඕවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත්, මෙම සංශෝධනය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල විය හැකි බවට නීතිඥ සංගමය ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් මෙන්ම ජාත්‍යන්තර සංවිධානවලින්ද විරෝධතා මතුව තිබේ.