වාහන ආනයනයෙදී අය කරනා 50% අධි භාරය තව දුරටත් දීර්ඝ කරයි .

වාහන ආනයන බදු මත පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කර තිබේ. මෙම අධිභාරය හෙටින් අවසන් වීමට නියමිතව තිබූනි . මෙම අධිභාරය පසුගිය මැයි මස 15 වැනි දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන ආනයනයන් සම්බන්ධයෙන් බලපවත්වන්නේ නැත

1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම 50% අධිභාරය 2026 දෙසැම්බර් 15 වන්දා දක්වා දීර්ඝ කර ඇත .