අධිකරණ පද්ධතියේ දැනට පවතින පුරප්පාඩු මාසයක් තුළ සම්පූර්ණ කරන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයිඉහ්නිර් සමඟ ඊයේ (12) පස්වරුවේ පැවැති සකච්චාවේදී පැවසූ බව වාර්තා වේ.
රටේ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම සඳහා ඕනෑම තනතුරක් හෝ ජීවිත අවදානමක් වුවද භාර ගැනීමට තමන් සූදානම් බවත්, තමන්ට හිමි විධායක බලය හෝ වෙනත් බලතල කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් භාවිත නොකරන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත .
අවධානම බාර නොගෙන රටේ වෙනසක් කළ නොහැකි බැවින් තමා ඕනෑම අවධානමක් බාර ගැනීමට සූදානම් බව ඔහු එහිදී අවධාණය කළේය .
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ බුද්ධි අංශ හරහා ඉදිරියට ගෙන යාමේදී පවා තමන්ට ජීවිත අවදානමක් පවතින බවත්, අධිකරණ පද්ධතියේ සිදුකරන වෙනස්කම් තනි පුද්ගලයෙකු කේන්ද්‍ර කරගත් වරප්‍රසාදයක් ලෙස අර්ථකථනය කිරීම සාධාරණ නොවන බවත්, මෙය මුළු මහත් අධිකරණ පද්ධතියම ඊළඟ මට්ටමට පරිවර්තනය කිරීමේ උත්සාහයක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.