අලුතින් යෝජිත අල්ලස් හෝ දූෂණ විමර්ශන පනතට නව සංශෝධනය කිහිපයක් සිදුකිරීමට නියමිතය .
එම නව සංශෝධන අනුව අල්ලස් චෝදනාවලට ලක්ව සිටින සැකකරුවකු, අදාළ වරද පිළිබඳව තමන් දන්නා සියලු තොරතුරු සම්පූර්ණයෙන් සහ සත්‍ය ලෙස හෙළිදරව් කරන්නේ නම්, ඔහුට එරෙහිව චෝදනා නොකිරීමට හෝ නඩු පවරා නොසිටීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය හිමිවේ.
2023 අංක 9 දරන අල්ලස් හෝ දූෂණ විමර්ශන පනතේ නව සංශෝධනයට මගින් එම පනතේ ඇතැම් වගන්තිවල වෙනස් කම් කර ඇත .
එලෙස සංශෝධනය වන ප්‍රධාන වගන්ති අතරින්, මහේස්ත්‍රාත් අධිකරණවල පවරා ඇති නඩු ඉවත් කර ගැනීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට හැකිවන පරිදි පනතේ 67 වැනි වගන්තිය සංශෝධනය කිරීමද වන බව වාර්තා වේ
දූෂණය හේතුවෙන් ලබාගත් හෝ පරිවර්තනය කරන ලද ඕනෑම දේපළක වටිනාකම අයකර ගැනීමටත්, වරදකරු වූ දිනයේ සිට දූෂණය මගින් යම් පුද්ගලයකු ලබාගත් ඕනෑම ප්‍රදානයක්, පත්වීමක්, ප්‍රතිලාභයක් හෝ වාසියක් නීතිවිරෝධී බවට පත්කිරීමටද නව සංශෝධන මගින් යෝජනා වී ඇත .
ඊට අමතරව පළාත් රාජ්‍ය සේවයේ හෝ පොලිස් බලකායේ නිලධාරීන් සහ සේවකයන් ද තාවකාලිකව හෝ ස්ථිරව කොමිෂන් සභාවට පත්කර ගැනීමේ අවස්ථාවද නව සංශෝධන මගින් හිමිවෙයි .
තවද 2023 අංක 9 දරන අල්ලස් හෝ දූෂණ විමර්ශන පනතේ 2 වන වගන්තිය සංශෝධනය කිරිමට නියමිත අතර ඒ සඳහා වන යෝජිත සංශෝධනය මගින් යම් තැනැත්තෙක් කොමිසම වෙත සපායා ඇති වත්කම් බැරකම් ප්‍රකාශණයන් හී පිටපත් ලබා ගැනීමට අදාල තත්ත්වයන් වෙනස් වෙයි .
ඒ අනුව එලෙස ලබාගන්නා සංශෝධිත පිටපතක් අධිකරණයකට හෝ වෙනත් නිළධාරියෙක්ට ඉදිරිපත් කිරීම හැර වෙනත් කරුනක් සඳහා භාවිත කිරීම නීති විරෝධි වෙයි. එවන් වරදක් කරනා කෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණයකදී වරදකරුවෙක් වුවහොත් රුපියල් ලක්ෂයක දඩයකට හෝ වසරක සිරදඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැක.