පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයට කදුළු ගෑස් ප්‍රහාරයක්

මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ අද පෙරවරුවේ හටගත් නොසන්සුන් තත්ත්වය තවමත් පාලනය පාලනය කිරීමට මේ වනතුරුත් හැකිව නැති බව වාර්තා වේ.

මේ වන විට එහි රැඳවූවන් බන්ධනාගර දේපොළවලට හානිකරමින් සිටිනා අතර තත්ත්වය පාලනය කිරීමට උත්සහ ගත් නිළධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් පැවසේ.

පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ අද (07) පෙරවරුවේ නොසන්සුන්තාවයක් හටගත් අතර, එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ එක්ව පියවර ගනිමින් සිටී.

පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් අනතුරුව එහි සිටි රැඳවූවන් පිරිසක් මෙම බන්ධනාගාරය වෙත මාරු කිරීමටද පියවර ගැනුණි.