අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෝස්ටුවක් ‘සීමා කිරීම’ (restricting) සම්බන්ධයෙන් මෙටා (Meta) සමාගමේ ඉහළ පෙළේ විධායක නිලධාරියකු බදාදා දිනයේදී තම සමාගම වෙනුවෙන් ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛෂ්ණව්ගෙන් සමාව අයැද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
අගමැති මෝදි සෘජුවම කැමරාව දෙස බලමින් අදහස් දක්වන මෙම වීඩියෝව ජූලි 23 වැනි දින අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන ‘කොක්රෝච් ජනතා පක්ෂය’ (මෙහෙයවූ විරෝධතාවල උපරිම අවස්ථාවේදී සමාජ මාධ්‍ය වෙත එක්කර තිබිණි.
එම වීඩියෝව මෙටා සමාගමට අයත් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලින් තාවකාලිකව ඉවත්කර තිබූ අතර පසුව නැවත යථාතත්ත්වයට පත්කරන ලදී. මෙම සිදුවීම චේතාන්විතව කල දෙයක් නොව තාක්ෂණික දෝෂයක් බව පවසමින් මෙටා සමගම මෙලෙස සමාව අයැද සිටියේය
“අගමැති මෝදිගේ පෝස්ටුව සීමාකිරීමට සිදු වූ දෝෂය සම්බන්ධයෙන් මා මෙටා සමාගම වෙනුවෙන් අමාත්‍යවරයාගෙන් සමාව අයැද සිටියා,” යැයි මෙටා හි ගෝලීය කටයුතු පිළිබඳ ප්‍රධාන නිලධාරී ජොයෙල් කැප්ලාන් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.
ජොයෙල් කැප්ලාන් ඇතුළු මෙටා සමාගමේ ඉහළ පෙළේ විධායක නිලධාරීන් කණ්ඩායමක්, ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් එස්. ක්‍රිෂ්ණන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී විනාඩි 45 ක පමණ කාලයක් සාකච්ඡාවක ද නිරතව ඇත.