ශ්‍රී පාද කඳුමුදුනේ ගල් පර්වතයේ වැවී තිබූ ශාක කොටස් කිහිපයක් පස් සමග ශ්‍රී පාද මාර්ගයට කඩා වැටීමෙ හේතුවෙන් එමමාර්ගය අවහිරව ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි .
නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ මීට ප්‍රථම ශාක සහිත පස් කඳු කඩා වැටුණු ඇහැල කණුව ආසන්නයේම මෙවරත් එම පස් කන්ද ශ්‍රී පාද මළුවට පිවිසෙන පියගැටපෙළ මත වැටී ඇති බව නල්ලතන්නිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.නිරෝෂන් සඳහන් කළේය .
මෙම අවහිරය මගහැරෙනා තෙක් අවාරයේ ශ්‍රී පාද මළුව දක්වා ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිකටු පහණ හරහා රත්නපුර මාර්ගයට පිවිස ශ්‍රී පාද උඩමළුව දක්වා යැමට හැකි බව ඔහු පවසයි .