දිස්ත්‍රික් කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම්.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. එම අනතුරු ඇඟවීමේ නිවේදනය 2026 අගෝස්තු 06 වන දින පෙ.ව. 9.00 සිට 2026 අගෝස්තු 07 දින පෙ.ව. 9.00 දක්වා පැය 24 ක කාලයක් සඳහා වලංගු වෙයි .

ඒ අනුව පහත දැක්වෙන ප්‍රදේශවලට මට්ටම 2 (අවදානයෙන් සිටින්න) යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස අනතුරු අඟවයි . එම ප්‍රදේශ සහ දිස්ත්‍රික්ක පහත දක්වා ඇත .

මහනුවර දිස්ත්‍රික්කය
උඩපලාත, දොලුව, මැදදුම්බර, දෙල්තොට, පන්විල, පස්බාගේ කෝරලේ, ගඟ ඉහළ කෝරලේ සහ උඩුදුම්බර.

කෑගල්ල දිස්ත්‍රික්කය
අරණායක, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට සහ යටියන්තොට.

නුවරඑළිය දිස්ත්‍රික්කය
නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව, නෝර්වුඩ් සහ තලවකැලේ.

රත්නපුර දිස්ත්‍රික්කය
ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර.

එමෙන්ම පහත ප්‍රදේශ සඳහා මට්ටම 1 (විමසිලිමත් වන්න) යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට.