මරණීය දණ්ඩනය ප්‍රකාශ කිරීමට පෙර හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරයේ රහසක් හෙළිකරයි.

පාස්කු ප්‍රහාරය පිටුපස පැවති කුමන්ත්‍රණයේ අවසන් ප්‍රතිඵලය මෙම නඩු තීන්දුව බවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම නඩු තීන්දුවෙන් සතුටු වන දෙදෙනෙක් බවත්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසයි . පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වැළැක්වීමට අපොහොසත් වීම ඇතුළු චෝදනාවලට අදාළව ඔහු වෙත මරණ දඬුවම නියම කිරීමට ආසන්න මොහොතේදී මෙම ප්‍රකාශය ඔහු වීසින් කර ඇත .

එහිදී ඔහු මෙසේ සඳහන් කර සිටියේය .

“ස්වාමිනි, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර කුමන්ත්‍රණයේ අවසන් ප්‍රතිඵලය තමයි ඔබේ මේ තීන්දුව. මේ තීන්දුවෙන් සතුටු වෙන දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි නීතිපති දෙපාර්තමේන්තුව මුල ඉඳලම ආරක්ෂා කරපු නිලන්ත ජයවර්ධනයි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.”

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරුවන් කළ හිටපු පොලිස්පති පූජිත් විජේසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් ඊයේ මරණීය දණ්ඩනය නියම කරනා ලදි.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග විය .

එහිදී ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු සිය බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් විජේසුන්දර දෙදෙනාට මරණ දඬුවම නියම කරනා ලදි .

නමුත් සුළුතර තින්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් විරසූරිය ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි. ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව ඔහු සිය තීන්දුව ප්‍රකාශ කරමින් පැවසීය .