ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් විය .
මෙහිදී රුමේෂ් සිය දෙවන උත්සාහයේදී මීටර් 89.75ක දුරක් හෙල්ලය වීසිකරමින් මෙම රන් පදක්කම දිනාගන්නා ලදි . මෙය ශ්‍රි ලංකා ක්‍රීඩකයෙක් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගයකදී පිටියේ ඉසව්වක් සඳහා රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව වන අතර වසර 20කට පසු ශ්‍රී ලංකාව දිනූ එකම පොදුරාජ්‍ය මණ්ඩළීය රන් පදක්කමද වෙයි . එමෙනම් පොදුරාජ්‍ය මණ්ඩළීය තරගවලියකදී ශ්‍රී ලංකාව දිනාගත් 6 වන රන් පදක්කමද මෙය වෙයි.