ඉමේෂා දුලානීගෙන් විශිෂ්ඨ ශතකයක්.

පාකිස්තානයට එරෙහිව දඹුල්ලේ පැවැති පළමු විස්සයි 20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකාරිනියක වන ඉමේෂා දුලානී ශතකයක් ලබාගත්තාය.

පාකිස්ථානය ලකුණු 176 කට දැවී ගිය අතර ලකුණු 177ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාව තරගයේ 19 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට සමත් විය.

එම ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ඉමේෂා, පන්දු 64 කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 101 ක් රැස්කළාය. ඇගේ ඉනිම හතරේ පහර 17ක් හා හයේ පහරක් ඇතුලත් විය.

ඒ අනුව චමරි අතපත්තුගෙන් පසු කාන්තා 20 – 20 තරගයකදී ශතකයක් රැස්කළ එකම ශ්‍රී ලාංකික පිතිකාරිනිය බවට ඉමේෂා දුලානී පත්වූවාය . චමරි අතපත්තු 20 – 20 තරග තුනකදි ශ්‍රි ලංකාව වෙනුවෙන් ශතක ලබාඇත.