ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කළ ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. මෙවනවිටත් ඔහු සිය අස්වීමේ ලිපිය දැනටමත් බලධාරීන් වෙත යොමු කර තිබෙන අතර, එම ඉල්ලා අස්වීම ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව එහි සඳහන් වෙයි .
සුනේත්‍රා රාජකරුණානායක, අබ්දුල් රසාක් අබ්දුල් කරීම්, සිවසාමි රාජසිංහම්, මහාචාර්ය වසන්තා සුබසිංහ, ආචාර්ය ආනන්ද තිස්ස හා පී. හේමචන්ද්‍ර යන අය සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෝ වෙති. රත්න ශ්‍රී විජේසිංහ 2024 දෙසැම්බර් 16 දා මෙම තනතුරට පත් විය.