එක්සත් ජනපදය විසින් ඉරානයට එල්ලකරන ප්‍රහාර නතර කිරීමත් සමග නැවතත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි අඩුවීමක් දැකගත හැකිව තිබේ .
ඒ අනුව ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් 5% කට ආසන්න ගණනකින් කින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. WTI බොරතෙල් බැරලයක මිල 5.21% කින් පහළ ගොස් ඇති අතර එහි මිල අමෙරිකානු ඩොලර් 84.66ක් ලෙස සටහන් වී තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.92%කින් අඩුවී ඇති අතර එහි මිල ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 92.02කි.
මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිල ගණන්ද 9.44%කින් පහළ ගොස් ඇති අතර ඒ අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.05ක් ලෙසද සටහන් වී තිබේ.