විනිසුරුවරුනේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් ඕනෑ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජනාවක් ක්‍රියාත්මක කරන්නේ නම්, ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය පමනක් ප්‍රමනවත් නොවනා බවත්, ඒ පිළිබඳව ජනමතවිචාරණයකින් ජනතාවගේ අදහස විමසිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

වත්මන් ආණ්ඩුව සිය මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම මෙන්ම ජීවන වියදම ඉහළ යන පසුබිමක අසාධාරණ බදු බරක් පැටවීම හේතුවෙන් ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම අහිමි කරගෙන ඇති බවයි.

ඉහළ යන බදු බර සහ ජනතා ප්‍රශ්ණ සඳහා විසදුම් දිය නොහැකිව සිටිනා ආණ්ඩුව සංවිධානාත්මක අපරාධ රැළ්ල හමුවේ අසරණව ඇතිබව ඔහු පෙන්වාදුන්නේය . වෛද්‍ය පරීක්ෂණ වාර්තා සහ අධිකරණ ක්‍රියාමාර්ග ප්‍රමාද වීම නිසා බන්ධනාගාර පවා දැඩි ලෙස තදබදයට ලක්ව ඇති බවත් එවැනි ගැටළු අමතකකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන්නට යාම විහිළුවක් බවද පැවසීය .

නීතිඥ සහ අධිකරණ ක්ෂේත්‍රයේ පාර්ශවයන්ගෙන් ඊට එල්ල වී ඇති විරෝධය නොතකා ආණ්ඩුව කටයුතු කරනා බව පෙන්වාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආණ්ඩුවට මෙය ජාතික ප්‍රමුඛතාවක් ලෙස හැඟෙන්නේ නම්, ඒ සඳහා ජනමතවිචාරණයක් පවත්වා ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බව අවධාරණය කළේය.

මහජන හමුවක් අමතමින් ඔහු මේලෙස අදහස් දැක්වීය.