ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටුව අධිකරණ, ආර්ථික සහ සිවිල් උප කමිටු සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීම පිළිබඳ කෙටුම්පත් නීතිය සමාලෝචනය කරමින් සිටින බවය ඉරාන රාජ්‍ය මාධ්‍යවන IRIB වාර්තා උපුටා දක්වමින් අල් ජසීරා මාධ්‍ය වාර්තා කරයි .
කෙසේ වෙතත් ඉරානය කෙටුම්පත් නීතියේ අන්තර්ගතය හෙළි කර නැත . නමුත් එරට ඉහළ නිලධාරීන් මීට පෙර පවසා ඇත්තේ හෝමූස් සමුද්‍ර කොරිඩෝව සම්බන්ධයෙන් තම රටේ අයිතිය, රටේ ස්වෛරීභාවය තහවුරු කිරීම සහ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන යාත්‍රා සඳහා ගාස්තු හඳුන්වා දීමේ අරමුණින් මෙම සමාලෝචනය කරනා බවයි .
නියෝජ්‍ය පාර්ලිමේන්තු කථානායක අලි නික්සාඩ් මැයි මාසයේදී කෙටුම්පතෙහි සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල යාත්‍රාවලට “කිසි විටෙකත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට ඉඩ නොදෙන” බවත්, “සතුරු රටවල” නැව්වලට සිදුවන හානි සඳහා වන්දි ලබා නොදෙන බවත්ය.