රිවර්ස්ටන් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක් .

මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට මහේන්ද්‍ර පෙරේරා සමත්විය. ඔහු මෙම සම්මානය දිනාගනු ලැබුවේ ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයෙ ඉදිරිපත්කළ විශිෂ්ට රංගනය වෙනුවෙනි .

මේ සඳහා බ්‍රෝකන් වොයිසස් චිත්‍රපටිය වෙනුවෙන් යුරායි ලෝයි, ලකි ලූ චිත්‍රපටිය වෙනුවෙන් චන්ග් චෙන්, රිවර්ස්ටන් චිත්‍රපටිය වෙනුවෙන් රන්දික ගුණතිලක සහ ද රෙඩ් හැන්ගර් චිත්‍රපටිය වෙනුවෙන් නිකලාස් සරාතේ යන අය නිර්දේශව සිටියහ.

මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තරය තුළ සම්මානනීය වූ දෙවන අවස්ථාව මෙයවන අතර මීට පෙර සිංගප්පූරූ අන්තර්ජාතික සිනමා උළෙලේදී ද හොඳම රංගනයට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.

ප්‍රියන්ත සිරිකුමාර ‘රිවර්ස්ටන්’ චිත්‍රපටිය සඳහා හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනගත්තේය.