තමා අධ්‍යපන අමාත්‍ය ධුරයෙන් ඉලා අස්වෙන බව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිඛිතව දන්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි . අමාත්‍යවරයාගේ නිළ X (ට්විටර්) ගිණුම උපුටා දක්වමින් එම මාධ්‍ය මේ බව වාර්තා කර ඇත .
ඉන්දියාවේ දින කිහිපයක සිට පැවැත්වෙන “කැරපොතු (කොක්‍රෝච්) ජනතා පක්ෂය” සහ ඉන්දීය මධ්‍යම රජය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවන වටයේ සාකච්ඡාවලට පැය කිහිපයකට පෙර ඔහු මෙම තීරණය දනුම් දී අතිබව වාර්තාවේ .
වෛද්‍ය විද්‍යාලයට බඳවා ගැනීම සඳහා පැවැත්වෙන තරග විභාගයට අදාල ප්‍රශ්ණ පත්‍ර කල්තබා පිටවීමේ සිද්ධියකට අදාලව අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත්විය යුතුබව පවසමින් කොක්‍රෝච් ජනතා පක්ෂය නම් සමාජ මාධ්‍ය අඩවියක් විසින් පවත්වමින් තිබෙනා විරෝධතාවය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ ඉල්ලා අස්වී ඇත .