ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා වන ආනයන බද්ද අද (24) සිට සංශෝධනය කිරීමට ඇමරිකාව කටයුතු හර ඇත . ඒ අනුව එම රටවලට අදාලව 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 17 කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 10% ක බදු ප්‍රතිශතයක් පනවා ඇත.
මෙම බදු කාණ්ඩයට ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රවවල් ඇතුලත් ය.
එමෙන්ම යුරෝපීය සංගමයෙන් හෝ තායිවානයෙන් ආනයනය භාණ්ඩ සඳහාද මෙම ප්‍රතිශතයම අදාළ වේ.
ඇල්ජීරියාව, ඇන්ගෝලාව; ඔස්ට්‍රේලියාව, බහමාස්, බහරේන්, බ්‍රසීලය, චිලී, චීනය, කොලොම්බියාව, කොස්ටාරිකාව, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, ගයනාව, හොංකොං,ඉරාකය, ඊශ්‍රායලය, ජපානය, කසකස්තානය, කුවේට්, ලිබියාව, මොරොක්කෝව, නවසීලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, ඕමානය, පේරු, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උරුගුවේ, වෙනිසියුලාව සහ වියට්නාමය යන රටවලට අදාල බදු ප්‍රතිශතට 12.5% ක් ලෙස ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව තීරණය කර ඇත .