පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගත්තේය .
නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කර ඇත .