හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරාන ආරක්ෂක හමුදා විසින් අවහිර කිරීමෙන් පසුව, සවුදි අරාබිය ප්‍රමුඛ ඉන්ධන අපනයනය කරනා රටවල් කිහිපයන් විකල්ප නෞකා මාර්ගයක් ලෙස භාවිත කළ රතු මුහුද ආශ්‍රිත ‘බාබ් අල් මන්ඩේබ්’ සමුද්‍ර සන්ධියට හවුති ගරිල්ලන් ප්‍රහාර එල්ල කරමින් සිටී .
ඉරාන හිතවාදී හවුති කැරලිකරුවන් විසින් මේවන විට එකී නාවික මාර්ගය ද අවහිර කර ඇති අතර මෑතක සිට සෞදි අරාබි නැව් ඉලක්කකර එල්ලකරනා ප්‍රහාර දැඩිකර ඇත. එම ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නැවතත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම හදිසි ප්‍රහාරාත්මක තත්ත්වයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමෙරිකානු ඩොලර් 100 ආසන්නයටම පැමිණ ඇත.
ඒ අනුව ඊයේ පස්වරුව වන විට බ්‍රෙන්ට් බොරතෙල් 5% ක ඉහළ යෑමක් වාර්තා කරමින් බැරලයක මිල ඩොලර් 98.55 දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම, ටෙක්සාස් (WTI) බොරතෙල් 5% කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 90.37 දක්වා ළඟා වී ඇත.