දඹදිව චාරිකා පිළිබඳව පැතිරයන අසත්‍ය කථා ගැන කම්කරු අමාත්‍යංශයෙන් නිවේදනයක් .

තායිලන්ත සහ දඹදිව වන්දනා සංචාර තහනක් කරනා බවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් පැවසූ බවට සමාජ මාධ්‍යහී පැතිරයන පුවත මුළුමනින්ම අසත්‍ය එකක් බව කම්කරු අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් පවසයි .

විශේෂයෙන්ම දඹදිව සහ තායිලන්ත ආගමික සංචාර තහනම් කිරීමට සූදානම් බවට අමාත්‍යවරයා විසින් සිදු කළා යැයි කියන මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සහ ආගමික සහජීවනය විනාශ කිරීමේ පටු දේශපාලන අරමුණු සහිත කණ්ඩායමක් විසින් සමාජගත කරන බව පෙනී යන බවත්, එවැනි පහත් මට්ටමේ අසත්‍ය ප්‍රචාරයන් සිය කණගාටුව පලකරනා බවත් එම නිවේදනයේ සඳහන් වෙයි ..