හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදී මියයාමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට පවරා ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය .
ඒ අනුව, සිද්ධියට අදාළ බවට සැක කෙරෙන මිලිමීටර් 9 පිස්තෝලය, පතුරම් කොපු සහ අනෙකුත් නඩු භාණ්ඩ ලබන 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය . එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර අදාළ වාර්තාද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝගයෙ දක්වෙයි .
බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේ, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ විධිවිධාන අනුව මෙම සිද්ධියට අදාළ සියලු ඉදිරි විමර්ශන තම ඒකකය යටතේ සිදුකරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.